Advertisement

Responsive Advertisement

ඇන්තූරියම් පැල සඳහා ඔස්මකොට් (Osmocote) පොහොර යොදන ආකාරය

ඇන්තූරියම් පැල සඳහා ඔස්මකොට් (Osmocote) පොහොර යොදන ආකාරය

ඔස්මකොට් පොහොර දක්නට ලැබෙන්නේ කැට ආකාරයට වේ. මෙහි පිටත ආවරණය ප්ලාස්ටික් යොදා සාදා ඇත. මෙය බාහිර පරිසරයට නිරාවණය වුන විට බාහිර පරිසරයේ ඇති ජල වාෂ්ප උරාගෙන ඇතුලත ඇති පෝෂක කොටස් ද්‍රාව්‍ය තත්වයට පත් කරයි. බාහිර ආවරණයේ ඇති ඉතා කුඩා සිදුරු හරහා ඇතුලත ඇති පෝෂක කොටස් බාහිර පරිසරයට පැමිණේ.

·        

     ඔස්මකොට් N+

පැල අවධියේ ඇන්තූරියම් ශාකයක් සදහා යොදනු ලබයි. සාමාන්‍යෙයන් ඔස්මකොට් ඇට 20 ක් පමණ යෙදීම සිදු කරයි.

 



 

·        ඔස්මකොට් 14:14:14

මධ්‍යම ප්‍රමාණය ඇන්තූරියම් පැලයක් සදහා යොදනු ලබයි. මෙම ඔස්මකොට් ඇට තේ හැදි එකක් පමණ විසිරි යන ආකාරයට යොදන අතර මෙමගින් ශාකයේ මල් හට ගැනීම උත්තේජනය කරයි.

 


 

·        ඔස්මකොට් K+    

මල් සහිත ඇන්තූරියම් පැලයක් සදහා යොදනු ලබයි. මෙම ඔස්මකොට් ඇට තේ හැදි දෙකක් පමණ විසිරි යන ආකාරයට යොදනු ලබයි. මෙමගින් මල් පිපීම උත්තේජනය කරනු ලබයි.

 


මෙම පොහොර ශාකයේ මාධ්‍යයට උඩින් යෙදුවේ නම් පොහොර වැසී යන පරිදි කුඩා පොල්ලෙලි කැබලි යොදනු ලබයි. ඔස්මකොට් පොහොර මාස 04 කට සැරයක් යොදනු ලැබේ.  

Post a Comment

0 Comments