Advertisement

Responsive Advertisement

රෝස පැළ ලබා ගැනීම

රෝස පැළ ලබා ගැනීම

රෝස වගාකර ගැනිමට අවශ්‍යය පළමු කාර්යය රෝස පැළ ලබා ගැනීමයි.මේසදහා ක්‍රම කීපයක්වෙයි.

·         අතු බැදිම (ගුටි ක්‍රමය)

·         කපා අතු සිටුවීම

·         බද්ධ කිරීම

·         හෝමෝන කිරීම

·         බීජ මගින් බෝකර ගැනිම


රෝස පැළ සිටුවීමේ දී සැළකිය යුතු කරුණු

ගෙවත්තේ රෝස වගා කිරීමේ දී සුදුසු පරිදි පාත්ති සකස් කොට පසුව රෝස ගස්සි

ටුවීමේදී පරතරය පිළිබද සැළකිළිමත් විය යුතුය.මේ සදහා වර්ගීකරණය අනූව කළ යුතුය.

හයිබ්‍රට් ට්‍රී රෝස සදහා ,පැළ දෙකක් අතර පරතරය අඩි03 විය යුතුය. කුරු රෝස මිටි නිසා රෝස ගස් දෙකක් අතර පරතරය අඩියක් විය යුතුය.

වැල් රෝස ඉතා මිටි බැවින් පරතරය අඩි 10 පමණ විය යුතුය.

උසට වැවෙන වැල් රෝස ශාකය ‍බොහෝ විට ඉතා උස බැවින් ගස් දෙකක් අතර පරතරය අඩි 06 පමණ විය යුතුය.

·         භාජන තුළ රෝස පැළ සිටුවීම

 

භාජන තුළ රෝස පැළ සිටුවිමේ දී භාජනය හා පස් මිශ්‍රණය වැදගත් වේ. මේ සදහා කුඩා ප්‍රමාණයේ භාජන යොදා ගැනිමට වඩා මඳක් විශාල භාජන යොදා ගැනීම වැදගත්ය. පළමුව අවශ්‍යය පස් මිශ්‍රණය සකසා ගත යුතුය. සිටුවීමෙන් පසු දින 10ක් පමණ යනතෙක් සෙවණ ලැබෙන සේ තැබීම වැදගත්ය. ඒ කාලය තුළ සුළු ප්‍රමාණයක් ජලය ලබා දිය යුතුය. පැළවී ඇති පැළයක් නම් අනෙකුත් පැල සමග එකට නොතිබීම ද වැදගත්ය. අලුත් පැළයක් සිටුවීමේ දී බැක්ටීරියා නාශකයක් සුළු වශයෙන් යෙදීම වැදගත්වේ.

අතුමගින් බෝ කිරීම මේ සදහා වඩාත් සුදුසු වන්නේ පහසුවෙන් වගාකළ හැකි රෝස වර්ගයන්ය.මෙහිදී අතු මගින් බෝ කිරීම ඉතාමත් පහසු ක්‍රමයයි. ඒ සදහා ගසේ මැදින් අඟල් 9 කට කපාගත් කැබැල්ල ජලය සහිත බඳුනක තබා පසුව අඟල් 8 ක පරතරයක් සිටින සේ සිටුවා ගත යුතුය.  මෙහිදී කිනිති කැබලිවලට අවශ්‍යය උත්තේජනය ලබාදීම සදහා හෝමෝනයන් යොදා ගැනීම වැදගත්ය. අඩුම වශයෙන් සති 2-1 අතර කාලයකදි මුල් ඇදිම සිදු වේ. පසුව අලුත් ශාකය වෙනත් භාජනයක සිටුවාගත හැකිය.


රෝස බද්ධ කිරීම

 

රෝස බද්ධ කිරිමේ ක්‍රමයන් අතරින් ප්‍රධාන වන්නේ යටිකුරු මී බද්ධයයි. මෙය ඉතාමත් සියුම් ලෙසට කළ යුතු ක්‍රියාවකි.මේ සදහා මුලින්ම කැලෑ රෝස අංකුරයක් එහි යටිකුරු ටී කැපුම යොදා ගන්න.මල් පිපුණු රෝස අත්තක අංකුරයක් ලබාගෙන එය තබා ඉහළ සිට පහළට පොලිතීන් වලින් වෙලන්න.ඉන්පසු සෙවණ සහිත ස්ථානයක තබන්න. සති හතරකට පසු පැලුම බුරුල් කොට නැවත වෙලන්න.


රෝස කප්පාදුව

 රෝස ගස් කප්පාදුව සදහා හොදම කාලය අප්‍රේල් මාසයයි.කප්පාදු කිරීම සදහා දැඩි කප්පාදු යොදන්නේ නම් .පොළවේ සිට අඟල් 05 ක් ඉහළින් ඇති සියලුම අතු කපා දමන්න. එහිදී අංකුර එන ස්ථාන ඉතිරි කරගන්න.කැපූ කිනිති කුණුවීම වැළැක්වීම සදහා දිලීර නාශකයක් කැපූ ස්ථානවල ආලේප කරන්න.

·         සරල කප්පාදුව

 

 මෙම ක්‍රමය හයිබ්‍රිට් ටී රෝස වලටත් ,ෆොලොරිබණ්ඩා රෝස වලටත් යෝග්‍යය.මෙහිදී පොළව ආසන්නයේ ඇති කිනිති කැපීම අවශ්‍යය.විශේෂයෙන් මල් පිපී අවසන් වූ පැරණි අතු කැපීම කළ යුතුය.කැපිමේ දී ඉති හැඩයකට කපා දැමීම වැදගත්ය. මේ සියලු කප්පාදු කිරීම් වලදී ආතති කැපුම් සුදුසුය. කප්පාදු කිරීම් වලදී මේ සදහා සෙකටියරය යොදා ගැනීම වඩාත් සුදුසුය. එමෙන්ම මුල් ශාකයේ කිනිති ඇති අංකුරය ආසන්නයේම නව අංකුරය බාලවේ.  සමහරවිට නොවැඩී යයි.කප්පාදු කිරීමෙන් සතියකට පසු රෝස ගසේ මුල පස් ඉවත් කොට වියළී ගිය පැරණි මුල් කප්පාදු කොට දිලීර නාශකයක් ඉසීම වැදගත්ය. ඉන්පසු පස බුරුල් කොට පොහොර විශෙ‍‍්ෂයෙන් යෙදීම අවශ්‍යය.


පොහොර යෙදීම

ගස් කප්පාදු කිරීමෙන් පසු ඇමෝනියම් සල්‍‍ෆේට්,සුපර් සල්ෆේට් ,පොටෑෂ් මිශ්‍රණයක් ගසේ මුලට යොදන්න.මේ මිශ්‍රණය මුලින්ම 5:3:1 අනුපාතයටද ,මසකට පසු 4:2:1 අනුපාතයටද පොහොර මිශ්‍රණය යොදන්න.මීට අමතරව මල් ලබා ගැනීම සදහා හෝමෝන සහිත රසායනික පොහොර යෙදීමට අමතරව පොටෑසියම් වැඩිපුර අඩංගු පොහොර යෙදීමෙන්ද මල් හට ගනී.


Post a Comment

0 Comments